FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කා ඉන්දියාවේ බන්ධනාගාරයේ සිට පොලිසීයට දුරකථනයෙන් තර්ජනය කරලා..

ඉන්දියාවේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අංගොඩ ලොක්කා නම් පාතාල කල්ලි නායකයා එහි සිට දුරකතන මාර්ගයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට දුරකතනයෙන් කතා කොට තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගෙන නැති බැරි අයට බෙදා දෙන බැවින් කප්පම් ලබාගන්නා තම ගෝලයන්ට හිරිහැර නොකරන ලෙස ඔහු මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිට පවසා ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙකු පැවැසීය.

ඉකුත්  13දා අංගොඩ උඩුමුල්ල ව්‍යාපාරික ස්ථානයකට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන විට අංගොඩ ලොක්කා මෙම ඇමතුම  ලබාදී ඇත.

එසේම මුල්ලේරියාව ස්ථානාධිපතිට ඇමතුම ලබාදුන් දුරකතන අංකයත්, උඩුමුල්ල ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම  ලබාදුන් අංකයත් එකම අංකයක් බව මේ වන විට හෙළිව තිබේ.