FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ පුතාලා දෙන්නම එකම සිංදුවක රැගූ හැටී.. (වීඩියෝ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ නැතහොත් ‘චිචී’ ඔහුගේ නවතම මියුසික් විඩියෝව ‘සිහිනෙක’ නමින් මීට දින දෙකකට පමණ පෙර එළිදැක්වීය.

එම මියුසික් වීඩියෝවේ රංගනයට රෝහිතගේ අයියා වන නාමල් රාජපක්ෂත් එක්ව තිබුණි.

නුවරඑළියේ පැවැති රූගත කිරීමේ අවස්ථාවට සිය සහෝදරයාගේ සහායට ගිය නාමල්ට අවසානයේදී රඟපෑමට සිදුව ඇත්තේ චිචීගේ බලවත් ඉල්ලීම මත බවත් නාමල් මෙම වීඩියෝවේ ඇඳ පැළඳගෙන සිටින ඇඳුම් පැළඳුම් පවා රෝහිතට අයත් දෑ වන  බවත් වාර්තා වේ.

එසේම සිහිනෙක ගීතය මේ වන ශ්‍රී ලංකාව තුළ යූ ටියුබ් සමාජ ජාලයේ අංක එකට පැමිණීමටත් සමත්ව තිබේ.

එම ගීතය පහතින්..