කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ දී කලහකාරී ලෙස හැසිරුණු බව කියන පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසු සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවය.
අත්අඩංගුවට ගත් සැකකකරුවන් උසාවියට ඉදිරිපත් කරන තෙක් මාලිගාවත්ත පොලිසියේ රඳවාගෙන සිටින බව ද සදහන්.
මෙම සිද්ධියෙන් ක්‍රීඩාංගනයේ දේපොළවලට, ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට සහ ගොඩනැගිලි වලට ද අලාබ හානි සිදුවූ බව පොලිසිය පැවසීය.
සිද්ධියෙන් පුද්ගලයින් දස දෙනෙක් තුවාල ලබා ඇති අතර ක්‍රීඩකයන් කිසිවකුටත් අනතුරක් වී නැහැ.






