FAST NEWS

24×7 Around the Globe

අලුත්ගම බස් නැවතුම්පළේ තිබු පාර්සලේ බෝම්බයක්ලු.

අලුත්ගම බස් නැවතුම්පළේ තිබී ඉරිදා සවස සොයාගත් පුංචි පාර්සලය පුංචි බෝම්බයක් යැයි කළුතර කටුකුරුන්දේ බෝම්බ විශේෂඥයෝ කියති. අඟල් හතර හමාරක් දිග අඟල් දෙකක් පමණ පළල අඟල් බාගයක් පමණ උසැති මෙම පාර්සලයේ වයර් කැබලි දෙකක් ඉවතට දමා තිබිණි.

ගින්නක් හා ශබ්දයක් ඇති කළ හැකි මෙම බෝම්බයට ඊට වඩා යමක් කළ නොහැකි බවද ඔවුහු කියති.