සංචාරක පාකිස්තාන කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගය පාරජයට පත්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් දැක්වීය.
“අපේ පිතිකරණය හොඳින් තිබුණෙත් නෑ. පන්දුයවන්නන් වෙනසක් කළෙත් නෑ.
පාකිස්තානයෙන් පළමු අර්ධයේදීත්, දෙවැනි අර්ධයේදීත් හොඳින් ක්‍රීඩා කළා. මේ විකට්ටුව හරිම අමාරු විකට්ටුවක්. විකට්ටුව හොඳින් දග කැවුණා. ලකුණු 316ක ඉලක්කයක් හඹා යද්දී අපි අවධානමක් ඇතිව ක්‍රීඩා කරන්න ඕන.
අපේ හැම අංශයක්ම මේ පරාජයට වග කිව යුතුයි.
දෙවැනි තරගය හා බැලීමේදී අපි පන්දු රැකීමෙන් තරමක් ඉදිරියට ඇවිත් තියෙනවා. ඔවුන් තරග දෙකකදී ලකුණු 300 සීමාවට ආවා. මේක හැමවෙලේම වෙන්න දෙන්න බෑ. ඊළඟ තරගයේදී අපි නැගී සිටින්න කටයුතු කරනවා”






