ඇරිසෝනා ප්රාන්තයේ චැන්ඞ්ලර් නගරයේ නිවසකට අනවසරයෙන් ඇතුළුවූ පොලිස් නිලධාරියකු නිරුවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
එස්මෙරෙල්ඩා රොසි නම් මෙම කාන්තාව අතහැර දමා ගිය සැමියා සමග බහින් බස්වූ බවට ලද පැමිණිල්ලකට අනුව චැන්ඞ්ලර් පොලිස් නිලධාරී ඩග් රෝස් සහ තවත් නිලධාරියකු එම නිවසට ගොස් ඇත.
කාන්තාව පවසා ඇත්තේ ඒ අවස්ථාවේදී තමන් නාන කාමරයේ සිටි බවයි. ඇගේ දියණිය දොරටුව විවෘත කළ පසු තමන් තුවායක් හැඳ ඉදිරියට පැමිණි බව එස්මෙරෙල්ඩා රොසි පවසා තිබේ.
නිලධාරීන් සමග කථා බස් කරන අතරවාරයේදී තමන්ට එය පටිගත කිරීම සඳහා ජංගම දුරකථනය රැගෙන ඒම සඳහා සැරසුණත් පොලිස් නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කළ බව ඇය සඳහන් කර ඇත.
කෙසේවෙතත් පසුව රොසි හා ඇගේ දියණිය විසින් සිදුවීම වීඩියෝ කරන්නට වූ පසු තත්වය නරක අතට හැරී ඇති අතර තුවායක් පමණක් හැඳ සිටි එස්මෙරෙල්ඩාගේ දෑත් පසුපසට තබා මාංචු දමා ඇතැයි පැවසේ.
පසුව නිදහස් කරනු ලැබූ නමුත් ඒ අවස්ථාවේදී විශාල පීඩාවක් හා ලැජ්ජාවක් දැනුනු බව එස්මෙරෙල්ඩා රොසි පවසා තිබේ.
මෙම සිදුවීම පිළිබඳව චැන්ඞ්ලර් නගර පරිපාලනයට එරෙහිව නඩු පැවරීමට ඇය පියවර ගනිමින් ඇතැයි වාර්තා වේ.
චැන්ඞ්ලර් පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ අවසන් වීමට පෙර පොලිස් නිලධාරී ඩග් රෝස් විශ්රාම ගොස් ඇති අතර ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නගා නැතැයි පැවසේ.
[youtube url=”https://www.youtube.com/watch?v=Cbq6Cuk1h2A” width=”560″ height=”315″]








