FAST NEWS

24×7 Around the Globe

සීයා බේරගන්න ගිය කවීෂ අවසන් ගමන් ගිය හැටී..

ගිරාදුරුකෝට්ටේ දුන්කොළවත්ත ගම්මානයෙන් සිය මුත්තනුවන් සමග ගම්මිරිස් කැඩීමට ගොස් එහිදි බඹර ප්‍රහාරයට ලක් වී මිය ගිය සිවු හැවිරිදි දරුවෙකුගේ අවාසනාවන්ත කතා පුවතක් වාර්තා වේ.

බඹර ප්‍රහාරයට ලක්වූ මෙම සිවුහැවිරිදි දරුවා ඉකුත් 04 වැනි දින ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු දහවල් 1.30ට පමණ මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ බතලයාය දුන්කොළවත්ත ගම්මානයේ පදිංචි සිව් හැවිරිදි දරුවෙකි.

මියගිය දරුවා අක්කර 80 ගම්මානයේ සිය මිත්තනියගේ නිවසේ තම පියා හා මුත්තා සමග වත්තේ ගම්මිරිස් කැඩිමට එක්ව ඇති අතර මුත්තා ගම්මිරිස් වැලකට ඉනිමග හේත්තු කරනවාත් එක්ක එහි සිටි බඹරුන් ඇවිස්සී මුත්තා හට අනින්නට පටන් ගැනිමත් සමගම මුත්තා බිම පෙරලී බේරිමට උත්සාහ දරා ඇත.

බිම පෙරලී දගලමින් සිටි මුත්තා බේරාගැනිමට පුංචි කවිෂ දිවගොස් ඇති අතර ඒ සමගම බඹරුන් පුංචි පුතු වට කර දෂ්ඨ කර තිබේ.

බඹර දෂ්ඨකිරීමට ලක්වූ මුත්තා හා කවිෂ මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කවීෂ මියගොස් ඇති අතර සිය මුත්තනුවන් බේරාගැනිමට දිවගොස් දිවි අහිමි වු පුංචි කවිෂ ලබන වසරේ පෙරපාසැල් යෑම සදහා සුදානමින් ඇගිලි ගනිමන් සිටි පුංචි සිගිත්තෙකි.