FAST NEWS

24×7 Around the Globe

මව්බිමටත් පදක්කමක්.. (ඡායාරූප)

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී මේ දිනවල පැවැත්වෙන 22 වන ආසියානූ ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව ඊයේ(06) පැවැති අතර එම ඉසව්වේදී ශ්‍රී ලංකාවේ නමින් රිදි පදක්කමක් ලියවා ගන්න නදීශා දිල්හානි ක්‍රීඩිකාව සමත් වී තිබේ.

එහිදි ඇය දැක්වූ දක්ෂතාව මීටර් 58.11ක් වන අතර එය ඇයගේ පෞද්ගලික හොදම දක්ෂතාව ද වේ.

කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම චීන ක‍්‍රීඩිකාවක් දිනාගත් අතර ලෝකඩ පදක්කම ඉන්දීය ක‍්‍රීඩිකාවක් විසින් දිනාගනු ලැබිණි.

නදීශා ‍රන් පදක්කම් හා ලෝකඩ පදක්කම්ලාභී ක්‍රීඩිකාවන් සමග..