FAST NEWS

24×7 Around the Globe

නිදහසේ නිදන්න ඇති නිදහසත් අහිමි වන සත්තු..

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සැප්තැම්බරයේ සිට රාත්‍රී 7ත් 10ත් අතර කාලයේ විවෘතව තැබීම ප්‍රායෝගික නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

බොහෝ සතුන් සවස් කාලය වනවිට සිය කූඩු වෙත ඇතුළුවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබීම මගින් සතුන්ට සිය නිදහස අහිමි වන බවත් ඔවුහු පෙන්වා දෙති.

රජයේ මෙම ක්‍රියාමාර්ගය ලාභය අපේක්ෂාවෙන් පමණක් සිදුකරන්නක් බැවින් සත්ත්ව හිංසාව නොකර මෙම ක්‍රියාමාර්ගය නවතා දමන ලෙසද පරිසර සංවිධාන ඉල්ලා සිටිති.

නමුත් සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කරනුයේ මෙමගින් සතුන්ට බාධාවක් ඇති නොවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබෙනුයේ තෝරාගත් සත්ත්ව කොට්ඨාස කිහිපයකගේ රාත්‍රී හැසිරීම් රටා නිරීක්ෂණය සඳහා පමණක් බවත්ය.

විශේෂයෙන්ම අධික ආලෝක ධාරා එල්ල නොකර අඳුරේ ගමන් කළ හැකි පරිදි වීදි සකස් කරමින් පවතින බවද සත්වෝද්‍යාන බලධාරීහු කියති.

රාත්‍රී සවාරි සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේද හඬ නොනැගෙන රථ විශේෂයක් බැවින් එමගින්ද සතුන්ට බාධාවක් ඇති නොවන බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.