FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ ජාන තාක්‍ෂණය ලංකාවට…?

පිළිකාවන් ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ යොදා ගන්නා ජාන තාක්‍ෂණය මෙරට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව වාර්තාවක්‌ සකස්‌ කර ඉදිරි දෙසතිය තුළදී ලබා දෙන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

ජාන තාක්‍ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති අතර එම සාකච්ඡාවට පැමිණි මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව පුහුණුව ලැබූ වෛද්‍යවරු නව දෙනකු මෙය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය දෙන බව ප්‍රකාශ කර තිබේ.

තවත් ජාන තාක්‍ෂණය පිළිබඳව පුහුණුව ලැබූ වෛද්‍යවරුන් දෙදෙනකු විදේශගත වී සිටීම නිසා මෙම රැස්‌වීමට සහභාගී නොවූ බව අමාත්‍යාංශය පවසයි.

රෝගවලට හේතු වන සෛලවලට හා වෛරස්‌වලට ප්‍රතිකාර කරනු ලබන ජාන තාක්‍ෂණය පිළිබඳව එම වෛද්‍යවරුන් හට ඇමරිකාවේ හුස්‌ටන් ඇතුළු විශ්වවිද්‍යාල තුනක පුහුණුවක්‌ ලබා දීමටද නියමිතය.