FAST NEWS

24×7 Around the Globe

ප්‍රේම හටනේ අඩ නිරුවත් වූ අඹු සැමි යුවළ කතා කරයි.. (ඡායාරූප)

ලංකාවේ රැල්ලක් බවට පත්ව ඇති අඩනිරුවත් දර්ශන වලින් පිරි මියුසික් වීඩියෝ අතරින්  සමාජයේ බොහෝ දෙනාගෙන් විවේඡන එල්ලවූ අඩ නිරුවත් දර්ශණ වලින් පිරි ප්‍රේම හටන නම් ගීතයක් ගැන පහුගිය දවස් වල අන්තර්ජාලයේ බොහෝ අය කතා කිරීමට පටන්ගෙන තිබුණි.

වීඩියෝවේ රඟපෑ නලුවා හා නිළිය කවුදැයි දැනගැනීමටත් බොහෝ දෙනා උනන්දු වූ අතර සැබවින්ම කාලයක් තිස්සේ අඹූ සැමියන්වූ මේ දෙදෙනා වන පියුමි සහ ගිහාන් රූපවාහිනි වැඩසටහනකට එක්වී ප්‍රේම හටන පිළිබදව අදහස් දැක්වූයේ මෙපරිදිනි.

‘‘ඇත්තටම මට සමහර වෙලාවට කළකිරෙනවා මගේ ඉන්ඩස්ට්‍රි එකේ මගේ ප්‍රේක්ෂකයන්ගේ සමහර කමෙන්ට්ස් නිසා. ඒත් මම සැලෙන්නේ නෑ. ඇත්තටම මම හිතුවේ නෑ මේක රංගනයක් ලෙස නොදැක කුණුහරපයක් ලෙස දකින ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා කියලා. මේක මගේ රංගනයක් මිසක් මගේ පෞද්ගලික ජීවිතය නෙමෙයි… සමාන්‍යයෙන් ලංකාවේ හැම නිර්මාණයක්ම එකම දේ කරනවා නැත්නම් ඉන්දියාවේ කොපියක් ගෙනල්ලා මෙහෙ කරනවා. ඉතිං මම හිතුවා එකම තැන පල්වෙන්නේ නැතුව අපේ ඉන්ඩස්ට්‍රි එක ඉන්ටර්නැෂන්ල් ලෙවල් එකට නැතිනම් බොලිවුඩ් හොලිවුඩ් ලෙවල් එකට ගෙනිච්චොත් හොඳයි කියලා. ඉතිං මං හිතුවේ මේ නිර්මාණයෙන් යම්තාක් දුරකට ඉන්ටර්නැෂනල් ලෙවල් එක ආක්‍ර‍මණය කරන්න පුලුවන් වෙයි කියලා…‘‘

මේ සිංදුවේ මාත් එක්ක ඇක්ට් කළේ මගේ ආදරණීය සැමියා. එකම ෆීල්ඩ් එකේ නිසා දැන හඳුනාගෙන මැරි කලේ. එයාගේ නම ගිහාන් ෂමිත්. මගේ ඩිරෙක්ටර් තමයි කිව්වේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඔය දෙන්නම ලස්සනයි ඔය දෙන්නගෙම ෆිගර් ෂේප් එක ලස්සනයි කියන්න අඩුවක් නැහැ ඒක නිසා ඔය දෙන්නම ඇක්ටින් පැත්තෙනුත් සුපර්බ් ඒක නිසා ඔයාගේ හස්බන්ඩ්වම තොරගත්තොත් කම්ෆටර්බල් එක හොඳිට තියෙයි ඒ නිසා රංගනය ලස්සනට එළියට එයි කියලා.. මමත් පිලිගත්තා ඒ නිසා හස්බන්ඩ්වම තෝරගත්තා….‘‘

ඇත්තටම සතුටුයි නිර්මාණට සහභාගවී වීම ගැන. ඒ වගේම බිරිඳත් එක්ක මේ දේ කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුවෙනවා. කිසිම චකිතයක් ඇති වුනේ නෑ බිරිදත් එක්ක රඟපාන්න වෙනත් නිළියක් එක්ක වඩා හොඳට රඟපාන්න පුලුවන් වුණා. ප්‍ර‍තිචාර නම් ඉතිං.. බහුතරයම විවේඡනය කරනවා හොඳ ප්‍ර‍තිචාරත් තියනවා නරක ප්‍ර‍තිචාරත් තියනවා ෆේස්බුක් එකෙත් බැනලා තිබ්බා. තව හොඳ නිර්මාණයක් ලැබුනොත් අපි දෙන්නා ඒක කරනවා. අපි දැනට තවත් නිර්මාණයක් කරලා තියනවා ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී ඒක බලාගන්න පුලුවන් වේවි.

ඡායාරූප පහතින්..