FAST NEWS

24×7 Around the Globe

“මේ ආණ්ඩුවේ කෝකටත් තෛලය මහින්ද.”

“මේ ආණ්ඩුවේ එකම අරමුණ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමයි. ඩෙංගු මර්දනයට ක්‍රමවේදයක් නැති ආණ්ඩුව අපිව මර්දනයට නව විවිධ උපක්‍රම අත්හදා බලමින් ඉන්නවා. ආණ්ඩුවේ කෝකටත් තෛලය මහින්ද රාජපක්ෂයි. මීතොටමුල්ල කුණු කන්ද නාය ගියාමත් මහින්ද. උමා ඔයෙන් බණ්ඩාරවෙලට හානි වුණාමත් මහින්ද. හැමදේකටම මහින්ද.”

වැඩ බැරි ටාසන්ලාගෙන් සමන්විත වර්තමාන ආණ්ඩුව තමන්ගේ වැරැදි වසා ගැනීමට කෝකටත් තෛලය ලෙසින් භාවිත කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම බව ඉකුත්දා මිනුවන්ගොඩ ආසනයේ උඩුගම්පොළදී පැවති තරුණ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීමකට සහභාගී වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කලේය.

මහින්ද රාජපක්ෂ යුගයේ රටට දායාද කළ සංවර්ධන ව්‍යාපෘති නැති නම් ආණ්ඩුවට අද ජනතාව හමුවේ කියන්නටවත් දෙයක් ඉතුරු නොවන බව පැවසූ රණතුංග මහතා මහින්දට බැන බැන මහින්දගේම ව්‍යාපෘති විවෘත කරමින් ලකුණු දමා ගැනීමට උත්සාහ ගන්නා ආණ්ඩුවේ නායකයන් දුටුවිට ජනතාවට දෙකොනින්ම සිනා යන බවත් ප්‍රකාශ කරන ලදි.