මන්නාරම තලෙයිමන්නාරම කර්මාන්තපුරය ආසන්න ප්රදේශයේ අස්ථි කොටස් පවතින බවට වන සැකයක් මත මන්නාරම පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝග මත මන්නාරම මහේස්ත්රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ අධීක්ෂණය යටතේ අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.
මන්නාරම පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත මන්නාරම අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානයේ අස්ථි සොයා පරීක්ෂණ පැවැත්වු අතර මිනිස් හිස් කබලක කොටසක් පමණක් සොයාගත් බවයි.
මන්නාරම කර්මාන්තපුරය ආසන්න ස්ථානයේ ජල මාර්ගයක අදාළ අස්ථි කොටස තිබු අතර,අවට ප්රදේශයේ පරීක්ෂා කිරීමේදි වෙනත් කිසිවක් හමුනොවු බවද පොලිසිය සඳහන් කරන ලදි.
පොලිසිය පැවසූවේ මන්නාරම මහේස්ත්රාත්වරයාගේ නියෝග යටතේ අදාළ පරීක්ෂණ කටයුතු ඊයේ (05) සවස නවතා දැමු අතර මහේස්ත්රාත් නියෝග යටතේ ඉදිරි කටයුතු සිදුකරන බවයි.









