FAST NEWS

24×7 Around the Globe

ලංකාවට අලුතෙන් ආනයනය වන දුම්රිය එන්ජින් ගෙන්වීමත් නවතින ලකුණු..

දුම්රිය දෙපාර්තමේන්තුවට නව දුම්රිය එන්ජින් හා මැදිරි ගෙන්වීම ඇනහිටින ලකුණු පහළ වී ඇත.

දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන අන්දමට ටෙන්ඩර් කැඳවීමේ ඇති දුර්වලතා හා ටෙන්ඩර් ලබාගත් සමාගම්වල අඩුපාඩු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

සාමාන්‍ය ධාවනය සඳහා එන්ජින් 12ක් උඩරට මාර්ගය වෙනුවෙන් එන්ජින් 10ක් හා බලවේග කට්ටල 9ක් මැදිරි 160ක් ඉන්ධන ටැංකි 30ක් හා වාහන ආදිය ප්‍රවාහනය කළ හැකි බහාලුම් 20ක් ලබා ගැනීමට මෙසේ ටෙන්ඩර් කැඳවා තිබූ අතර ට්ජ්ඛි නම් ඉන්දියානු හා ඇමෙරිකාවේ ජෙනරල් මෝටර්ස් යන සමාගමත් මෙම ටෙන්ඩරය ලබාගෙන තිබිණි.

ගිවිසුමට අනුව මෙරටට ලබාදිය යුතුව තිබූ එන්ජින් හා බලවේග කට්ටල වර්ගය අදාළ මිල ගණන් යටතේ දීමට නොහැකි බව සමාගම් විසින් මේ වන විට දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

මේ අනුව ගිවිසුම උල්ලංඝනය වන හෙයින් කොන්ත්‍රාත්තුව අවලංගු වන තත්ත්වයට පැමිණ ඇත.

දෙපාර්තමේන්තුවේ උසස් බලධාරියකු සඳහන් කළේ එන්ජින් ගෙන්වීමට අදාළව මෙම තත්ත්වය උද්ගතව තිබෙන ගැටලුව මේ වන විට ජනාධිපති විමර්ශන ඒකකයට ඉදිරිපත් කර තිබෙන බවත් බොහෝ විට එම ටෙන්ඩරය අවලංගු වීමට බොහෝ විට ඉඩකඩ තිබෙන බවත්ය.