FAST NEWS

24×7 Around the Globe

ඇමැති දියණියගේ මඟුලට ආ සුපිරි අමුත්තා..

ඉන්දීය කම්කරු ඇමැති රවිශංකර් ප්‍රසාද්ගේ දියණිය ආධිතිගේ මංගල්‍යය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැති බව වාර්තා විය.

ඇමැති දියණියගේ මංගල උත්සවයට සම්භාවනීය අමුත්තෝ බොහෝ දෙනෙක් පැමිණිය අතර ඒ අතරින් මනාල යුවලටත් වඩා කැපී පෙනෙමින් කාගේත් අවධානය දිනාගෙන ඇති බව වාර්තා වූයේ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් වෙතය.

එසේම ෂාරුක්ට මංගල උත්සවය වෙනුවෙන් ආරාධනා කර ඇත්තේද ඇමැති රවිශංකර් බව මාධ්‍ය වාර්තා සදහන් කලේය.

(එන්.ඩී.ටීවී.)