FAST NEWS

24×7 Around the Globe

තරගයට ආ සිම්බාබ්වේ පිතිකරු Ryan හම්බන්තොට රෝහලට..

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයට සහභාගි වීමට පැමිණ සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා ඊයේ (05) රාත්‍රියේ ආහාරයක් විෂවීමෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම ප්‍රකාශකර සිටියේ, ආහාරයට ගන්නා ලද යමක් හේතුවෙන් අසාදිත තත්ත්වයක් මත අදාළ ක්‍රීඩකයා රෝහල්ගත කළ බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

එමෙන්ම අද (06) රෝහලෙන් පිටව යෑමටද අදාළ රෝගියාට හැකියාව තිබෙන බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේය.