FAST NEWS

24×7 Around the Globe

ජේ.ශ්‍රී රංගා මීන්නල් වැඩසටහනේදී කළ හොර මගඩි වීඩීයෝවක් මගින් රටටම හෙළි වෙයි.

මහරජා ආයතන ජාලයට අයත් දමිළ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම සතිපතා විකාශය වන මින්නල් සජීවී දේශපාලන වැඩසටහනට අතරතුර සිදුවන ,නමුත් මාධ්‍ය තුළින් විකාශය නොවන රූප රාමු ඇතුලත් වීඩියෝ පටයක් අන්තර්ජාලය නිකුත් වී තිබේ.

එම වීඩියෝ පටය පසුගිය ජුලි 04 වනදා විකාශය වූ මින්නල් වැඩ සටහනේ වන අතර එහිදී එම වැඩසටහන මෙහෙයවන ජේ.ශ්‍රී රංගා හා එම සම්මුඛ සාකච්ඡාව සඳහා පැමිණි ශ්‍රි ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පී.ශක්තිවෙල් අතර වැඩසටහනේ විවේක කාලය අතරවාරයේ සිදුවන කතාබහක් එම රූප රාමුවලට ඇතුලත්ව ඇත.

වැඩසටහනේ විවේක කාලය අතරවාරයේදී මින්නල් මෙහෙයවන ජේ.ශ්‍රී රංගා සජීවි විකාශය අතරවාරයේ තමන් යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතු අකාර මන්ත්‍රී පී.ශක්තිවෙල් මහතා දැනුවත් කරන අකාරය මෙම රූප රාමු වලට ඇතුලත්ව ඇත.

එමෙන්ම විවේකය අතරතුර ජේ.ශ්‍රී රංගා මීන්නල් සජීවි විකාශය තුළදි හිටපු පාර්ලි මෙන්තු මන්ත්‍රී පී.දිගම්බරම් පිළිබදව ප්‍රේක්ෂකයන්ට අප්‍රසන්න අකාරයේ ප්‍රතිරූපයක් මැවෙන අකාරයේ සඳහනක් සිදුකරන ලෙසද පී.ශක්තිවෙල් මහතාට උපදෙස් දෙන අකාරයද එම රූප රාමු තුළ අන්තර්ගතව ඇත.

තවද මීන්නල් වැඩසටහනට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රශ්න සහිත ඇමතුම් පී.ශක්තිවෙල් මහතාට යොමුකීරීමේදී තෝරා බේරා පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න සහිත අමතුම් යොමු නොවන ලෙස ජේ.ශ්‍රී රංගා විසින් කටයුතු කරන අකාරයද එහි දක්නට ඇත.

එම රූප රාමු පහතින්

එම වීඩීයෝව මෙතනින් නරඹන්න https://www.youtube.com/watch?t=142&v=LcCfXlThaVI

සජීවීව විකාශය වු මීන්නල් වැඩසටහන මෙතනින් >>>https://www.youtube.com/watch?t=326&v=K-PKuKeBNrY