FAST NEWS

24×7 Around the Globe

කලලයේ වර්ධනය ගෙදර ඉඳන් බලන්න ඇප් එකක්..

දරුවන් නොමැති යුවළක් සාපල්‍ය ප‍්‍රතිකර්මවලට (අයිවීඑෆ්) යොමුවන්නේ නම් ඔවුන්ගේ කලලය වර්ධනය වන ආකාරය යාවත්කාලීනව නිවසේ සිට තමන්ගේ ජංගම දුරකතනයෙන් නැරැඹීමේ හැකියාව ලැබී තිබේ.

මෙහිදී නව ඇප් එකක් හරහා තමන්ගේ ජංගම දුරකතනයෙන් නැරැඹීමේ අවස්ථාව බාසිලෝනා නුවර මූලික කරගත් ලන්ඩනයේ මාක් ඉන්සිටිටියුට් ආයතනය විසින් ලබාදී ඇති අතර සාපල්‍යතා විද්‍යාඥ කණ්ඩායම විසින් ඉන්කියුබේටරයට විශේෂිත කැමරා පද්ධතියක් සවිකර ඇති බවත් සදහන්ය.

එමගින් කලලයේ පරිණතවීම ඕනෑම අවස්ථාවක ජංගම දුරකතනයේ ස්ථාපිත කළ ඇප් එක හරහා නැරැඹීමට මවුපියන්ට හැකියාව ලැබේ.