FAST NEWS

24×7 Around the Globe

ඔබාමා පවුල සංචාරය කරන්න අරං..

අමෙරිකා හිටපු ජනාධිපති බරක් ඔබාමා හා ඔහුගේ පවුලේ නියෝජිතයින් මේ දිනවල ඉන්දුනීසියාවේ බාලි දූපත්හි සංචාරයක නිරත වන බව වාර්තා විය.

ඉන්දුනීසියාවේ බාලි සහ යොගාටා ඓතිහාසික නගරයන් වන අතර එහි සංචාරක ආකාර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් නැරඹීමට හිටපු ජනාධිපතිවරයා මෙසේ පිටත්ව ගොස් තිබේ.

හිටපු ජනාධිපති ඔබාමාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දුනීසියානු හමුදා නිලධාරීන් 650ක් යොදවා ඇති අතර හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ මිෂෙල්, දියණියන් දෙදෙනා මෙලෙස ඉන්දුනීසියාවේ දින 06ක සංචාරයේ නිරත වෙති.

(ගල්ෆ් නිව්ස් ඇසුරෙනි)

 

C. ක්‍රිස්ටීන්