FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු නිසා පාසල් නිළ ඇදුමත් අකිල වෙනස් කරන්න යයි..

දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් ජල හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩසටහන සඳහා මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවැසීය.

රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස විධිමත් පාසල් නිල ඇඳුමක් එම සිසුන්ට නිම කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින පිරිමි දරුවන් සඳහා දික් කලිසම් හා ගැහැණු දරුවන් සඳහා විධිමත් ඇඳුමක් යොජනා කර ඇති බවත් ඒ සඳහා අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේදී පාසල් වෙත යොමු කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ඒ අනුව පාසල් 1633ක් සඳහා රුපියල් මිලියන 1869 ක මුදලක් ඊයේ(04) දිනයේත් අද(05) දිනයේත් බෙදා දීමට නියමිත බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇත.