FAST NEWS

24×7 Around the Globe

මොහොමඞ් හෆීස්ට ජාත්‍යන්තර ක්‍රීකට් තරඟ තහනමක්.

පාකිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් හෆීස්ට වසරක ජාත්‍යන්තර ක්‍රීකට් තරඟ තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය අද තීරණය කළා.

ඒ, දෙවන වතාවටත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව සනාථ වීමත් සමඟයි. හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරඟය අතරතුර විනිසුරුවරුන් ප්‍රකාශ කළා.

අනතුරුව පසුගිය 6 වන දා ඉන්දියාවේ චෙන්නායි නුවර දී ඔහු පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට සහභාගි වී තිබෙනවා. එම පරීක්ෂණයකට අනුවයි මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට තහවුරු වී ඇත්තේ.

මීට පෙර පසුගිය වසරේදී ද පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටළු මතුවීම නිසා ඔහුට කෙටි තරඟ තහනමක් පැනවුණු අතර, පසුගිය අප්‍රේල් මාසයේ සිටයි යළි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට සහභාගිවීමට හෆීස්ට අවස්ථාව හිමි වුණේ.