රාජ්ය සේවකයන් වෙනුවෙන් විවිධ ප්රදේශවල ඉදිකර ඇති රජයේ නිවාඩු නිකේතනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව රාජ්ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ද ලිපියක් යොමු කර ඇති බව සංගමය පෙන්වා දී ඇත.
නිවාඩු නිකේතනවල පෙර පැවැති මිල ගණන් කිසිදු චක්රලේඛයක් නොමැතිව අධික ලෙස ඉහළ දමා ඇති බවත් පෙර පැවැති කාමර ගාස්තුව රුපියල් 300-400 අතර වුවත් එය 1500-3000 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංගමය රජයට චෝදනා කරයි.
ආණ්ඩුවේ පවත්නා ආර්ථික අර්බුදය ද රජයේ සේවකයන්ගේ සුබසාධන පහසුකම් කප්පාදු කිරීමට යොදා ගෙන ඇති බව මෙමගින් බැලූ බැල්මට පෙනෙන බව රාජ්ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස මහතා තවදුරටත් සඳහන් කරයි.









