FAST NEWS

24×7 Around the Globe

රජයේ නිවාඩු නිකේතනවල මිල ගණන් ඉහළ දැමීම විරෝධය..

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විවිධ ප්‍රදේශවල ඉදිකර ඇති රජයේ නිවාඩු නිකේතනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ද ලිපියක් යොමු කර ඇති බව සංගමය පෙන්වා දී ඇත.

නිවාඩු නිකේතනවල පෙර පැවැති මිල ගණන් කිසිදු චක්‍ර‍ලේඛයක් නොමැතිව අධික ලෙස ඉහළ දමා ඇති බවත් පෙර පැවැති කාමර ගාස්තුව රුපියල් 300-400 අතර වුවත් එය 1500-3000 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංගමය රජයට චෝදනා කරයි.

ආණ්ඩුවේ පවත්නා ආර්ථික අර්බුදය ද රජයේ සේවකයන්ගේ සුබසාධන පහසුකම් කප්පාදු කිරීමට යොදා ගෙන ඇති බව මෙමගින් බැලූ බැල්මට පෙනෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස මහතා තවදුරටත් සඳහන් කරයි.