FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ හෙලිකොප්ටර් අනතුරකින් 08 ක් මරුට..

ඉන්දුනීසියාවේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

ගිනි කන්දක් සක්‍රීයවීමෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සදහා පිටත්ව ගිය හෙලිකොප්ටර් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවත් ,අනතුරින් මියගිය පුද්ගලයන් සියලු දෙනා හදිසි සේවයට අයත් මුදවා ගැනීමේ නිලධාරීන් බවද පැවසේ.

ඉන්දුනීසියාවේ ඩියැංග් ප්‍රදේශයේ ගිනි කන්දක් මෙසේ සක්‍රීය වී ඇත.

එම ගිනි කන්ද ආශ්‍රිත ප්‍රදේශය විදේශ සංචාරකයින් බහුල ප්‍රදේශයක් වන අතර විදේශීය සංචාරකයින් පිරිසක් බේරා ගැනීම සදහා හෙලිකොප්ටරය මෙලෙස පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

(DE සිල්වා)