FAST NEWS

24×7 Around the Globe

කුකුළු බිත්තරවලට කරන්න යන දේ මෙන්න..

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් කොලෙස්ටරෝල් රහිත කුකුළු බිත්තර නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මහවැලි ‘බී’ කලාපයේ ආරම්භ කර ඇති මෙම වැඩසටහනේ දැනට කිකිළියන් 75,000ක් පමණ සිටින බව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන්නේ කොලෙස්ටරෝල් රහිත බිත්තර ලබා ගැනීම සඳහා එම කිකිළියන් හට මොනකොලින් කේ. රසායනය අඩංගු රතු නිවුඩු සහල් ලබාදීමට කටයුතු කරන බවයි.

ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය පවසයි.