යාපනයේ විද්‍යා සිසුවිය සමූහ දුෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය ඇසින් දුටු බව කියන පුංකුඩිතීව්හි පදිංචි නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා යාපනය විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දී තිබේ.
ඔහු පවසා ඇත්තේ විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක් කළේ ඝාතනයට අත්අඩංගුවට ගෙන සිටින විත්තිකරුවන් සිව් දෙනෙකු බවයි.
ඔවුන් සිසුවිය පාළු නිවසකට පැහැරගෙන ගොස් ගෙන ඇයව දූෂණයට ලක් කරන දර්ශන රූගත කර ස්විස්කුමාර් නැමැත්තා වෙත ලබාදුන් බව ද සාක්ෂිකරු කියා සිටියේය.
“මම මේ ගැන පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කළේ නැත්තේ අපරාධයට සම්බන්ධ අය මුදල් බලය ඇති අය, වගේම යාපනය-කයිට්ස් පොලිසිය ද සමීපව ඇසුරු කරන අය නිසයි.”
“ස්විස් කුමාර්ව මට හදුන්වලා දුන්නේ පෙරියම්බි. ඔහුට පිටරට ගෙනියන්න තමයි මේ වීඩියෝ එක ගත්තේ කියල පෙරියම්බි මාත් එක්ක කියා සිටියා. මේ සිද්ධිය සිද්ධ වෙලා ටික කලකට පස්සේ මට දුරකථන මාර්ගයෙන් තර්ජන පවා එල්ල වුණා”
2015 මැයි මස 13 වනදා සිදුවූ විද්‍යා සමුහ දුෂණයට ලක් කර ඝාතන කළා.
ස්විස් කුමාර් නැමැත්තා රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වීමට සී.අයි.ඩී. යේ පරීක්ෂණ කළ, අයි.පි නිශාන්ත සිල්වා වෙත රු.දෙකෝටියක මුදලක් ලබා දීමට තැත් කළ බවත්, 30 වන දා මොහොමඩ් ඉෆ්රන් නැමැත්තා සාක්ෂි දීමත් සමග අධිකරණයේ දී හෙළි වුණි.
ස්විස් කුමාර් විද්‍යා සිසුවිය ඝාතනය ගැන තමන් හා කි දේ නිශාන්ත සිල්වාට කී බව දැන ගැනීමෙන් පසු තම බිරිඳටද විද්‍යාට සිදු වූ දේම සිදු කරන බවට ඔහු තර්ජනය කළ බවත් සාක්ෂිකරු සඳහන් කර ඇත.
“මට ස්විස් කුමාර් මෙහෙම කිව්වා. මම ස්විට්සර්ලන්තයේ හිටියේ. එහි මාෆියා කල්ලියක් හමුවුනා. දකුණු ආසියාවේ ඉන්න අවු. 20ක පමණ දැරියක් දුෂණය කරලා ඇය ඝාතනය කරන සිද්ධියක වීඩියෝ එකක් කරන්න ඒ මාෆියා එකත් එක්ක ගිවිසුමකට ආවා. විද්‍යා දුෂණය වෙන තැන උඹ හිටිය නම් උඹයි මුලින්ම කරන්නේ. කෙල්ලගේ ඇඟ දැක්කම උඹටත් ආස හිතෙයි’. තව මෙහෙමත් කිව්වා. ‘සිද්ධියෙන් පස්සේ යාපනේ ඉදන් කොළඹට පැනලා ආවේ දේශපාලකයෙකුගේ සහෝදරයෙකුට අයත් වාහනේක. උසස් පොලිස් නිලධාරියෙකුත් එකට සහාය වුණා. කොළඹ ඇවිත් වැල්ලවත්තේ හැංගිලා ඉන්න කොට තමයි පොලිසියට අහුවුනේ”
සාක්ෂිකරු කියා සිටියේය.
එසේම විත්තියේ නීතිඥවරයෙක් මෙහිදී ඇසුවේ අයි.පී නිශාන්ත දන්නා බව අඟවා සැකකරුවන් බිය කර මුදල් ගැරීමේ උත්සහයක් තිබුනේද යන්නය.
නමුත් සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කර තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.