FAST NEWS

24×7 Around the Globe

පෙම්වතාගේ හත් දවසේ පිංකමෙන් පසුව පෙම්වතිය කළ දේ..

සිය පෙම්වතා රිය අනතුරකින් මිය ගිය නිසා ඇතිවූ ශෝකයෙන් ගෙළ වැලලාගත් තරුණියක් පිලිබඳ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

අනුරාධපුර පෞද්ගලික වෙළඳ ආයතනයක සේවය කරන 18 හැවිරිදි යුවතියක් වන ඇය මෙලෙස ගෙලවැළලාගෙන ඇත්තේ තම පෙම්වතාගේ හත් දවසේ පිංකම සිදුකිරීමෙන් අනතුරුවය.

ඇයගේ මව පොලිසියට දී ඇති කට උත්තරයේ සඳහන් වන්නේ සිය නිවසේ කාමරය තුළ ගෙලවැළලාගත් මෙම තරුණිය පෙම්වතා මිය ගිය සොවින් සිදුකර ගන්නා ලද්දක් බවට සැකකරන බවයි.