අම්බලන්තොට නගරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් හයදෙනෙකු සපා කෑ සුනඛයෙකු පහරදී ඝාතනය කර තිබේ.
මෙම සුනඛයා අම්බලන්තොට පොලිසිය ආසන්නයේ රැඳී සිටිමින් මෙලෙස පුද්ගලයන් සපා කෑ ඇති බව වාර්තා වේ.
පසුව එම ස්ථානයට ගිය අම්බලන්තොට පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුද සුනඛයාගේ සපාකෑමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.
පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු විසින් සුනඛයාට පහරදී මරාදමා ඇති බවයි.









