FAST NEWS

24×7 Around the Globe

මේ කරුණු හත තිබුනොත් ඩෙංගු මදුරුවා ඉවරයි..

කරුණු හතකින් සමන්විත නිශ්චිත යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කළ හැකි නම් ඩෙංගු මදුරුවාට එරෙහි යුද්ධය ශ්‍රී ලංකාවට ජය ගත හැකි බව රජයේ කීට විද්‍යා පුහුණු පාසලෙහි විදුහල්පති නජිත් සුමනසේන මහතා පවසයි.

මේ අනුව අවශ්‍ය වනුයේ අවබෝධය, පැහැදිලි විශ්වාසය, සැලකිළිමත් වීම, ධාරිතාව, ආත්ම විශ්වාසය, කැපවීම හා සහයෝගී ක්‍රියාමාර්ග යන කරුණු හත ඇතුළත් නිශ්චිත යාන්ත්‍රණයක්‌ මත ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම බව ඔහු කීවේය.

අධික වැසි කාලවලදී නව මදුරු මර්දන ක්‍රම අත්හදා බැලීම නතර කර දීර්ඝ කාලයක්‌ එම ක්‍රම අනුගමනය කිරීමෙන් මදුරු මර්දනය වෙනුවෙන් වැය වන අනවශ්‍ය මුදල් නාස්‌තිය වළක්‌වාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.