පාසල් ශිෂ්‍යාවන් රැගෙන යන ගුරුවරුන්ට හා තරුණයන්ට කාමර පහසුකම් ලබාදුන් බවට ලැබුණ තොරතුරකට අනුව කළුතර නාගොඩ සංචාරක නිකේතනයක සේවය කරන 20 හැවිරිදි කළමනාකරුවකු ඉකුත් 28 වැනිදා රාත්‍රියෙදී කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණි.
ගුරුවරයකු අතින් ගැබිනියක වූ 15 හැවිරිදි ශිෂ්‍යාවක විසින් පොලිසියට කරන ලද ප්‍රකාශයකින් පසු පාසල් දැරියන් රැගෙන යන පුද්ගලයින්ට කාමර පහසුකම් ලබාදෙන එම ආයතනය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බව පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද(30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.









