මහනුවර ප්‍රදේශයේ පාසලක අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රූමත් ශිෂ්‍යාවක් එම ප්‍රදේශයේම පාසැලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු සමඟ ඇල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ ලැගුම් ගෙන සිටියදී ලැබුන තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසනවා.
පෙම්වතුන් බව පැවසෙන මොවුන් දෙදෙනා මීට පෙර ද පේරාදෙනිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අවවාදකර මුදා හැර ඇති බව පොලිස් පරික්ෂණ වලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම ශිෂ්‍යාව හා ශිෂ්‍යයා ඔවුනගේ දෙමව්පියන් ගෙන්වා බාරදීමට කටයුතු කරන බව ඇල්ල පොලිසිය පවසුවා.








