මුර සංචාරක කටයුතු සඳහා ස්වයංක්‍රීයව පාලනය වන වාහන යොදා ගන්නා පළමු රට බවට පත්වීමට ඩුබායි පොලීසිය කටයුතු කරමින් සිටින බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.
ඩුබායි නගරය ලොව ස්මාර්ට්ම නගරය බවට පත් කිරීමට යන ගමනේ එක් කොටසක් ලෙස මෙය හැදින්විය හැකි අතර ලෝකයේ නවීනතම තාක්ෂණය භාවිතා කරන රට බවට එමිරේට්ස් රාජ්‍යය පත්කිරීමට ඩුබායි පාලක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල්මක්ටූම් දැඩි ඇල්මක් දක්වන බව මෙවැනි ව්‍යාපෘති තුලින් තහවුරු වේ.
අටාසෝන් සිංගප්පූරු සමාගම සහ ඩුබායි පොලීසිය එක්ව සඳහා ස්වයංක්‍රීයව පාලනය වන වාහන නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව ඩුබායි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
වාහනයේ සවිකරන ලද කැමරාවන් සහ රේඩාර් සංවේදක මඟින් ගමන් කිරීමේදි වස්තූන් හඳුනා ගැනීමේ හැකියාව ඇති අතර ප්‍රධාන පාලන මැදිරිය හා සම්බන්ධ වීමේ හැකියාවද වාහනය සතුව ඇත.
සැකකටයුතු භාණ්ඩ හඳුනාගැනීම සහ සැකකරුවන් පසුපස හඹායෑමේ හැකියාව ඇත.
අපරාධය වැලැක්වීම, ආරක්ෂාව පවත්වාගෙන යෑම සහ ජනතාවගේ සන්තෝෂය වැඩිදියුණු කිරීම සඳහා අලුතින් නිර්මාණය කරනු ලබන ස්වයංක්‍රීයව පාලනය වන වාහන පිටිවහලක් වනු ඇති බව ඩුබායි පොලිස් මූලස්ථානයේ ප්‍රධානීයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)










