FAST NEWS

24×7 Around the Globe

මරණය ලංවන තුරු දියණිය එක්ක සොහොනක සිටින පියා.. (වීඩියෝ)

තම දියණිය සමඟ සොහොනක සිටින පියෙකුගේ දර්ශන පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙන්  වන අතර ඔහුගේ දියණියට තැලසීමියා රෝගය වැළඳී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීමට තමන්ට නිසි පරිදි නොහැකි වන බව පවසමින් මෙලෙස මෙම පියා සොහොනක නිදා සිටියි.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගොවියෙකු වූ Zhang Liyong දියණියට ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට තමන් සතු සියලු දේපොළ විකුණා ඇති බවයි.

අනතුරුව වේදනාව දරාගැනීමට නොහැකි බව පැවසූ මෙම පියා සොහොනක් තනා දියණියගේ මරණය ලඟාවනතුරු බලාසිටින්නේ මෙලෙසිනි.

එහිදී පියා ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි..

“මට අන්තිමට හිතුනේ මේක විතරයි – හැමදාම මම එයාව අරන් මෙතෙන්ට එනවා සෙල්ලම් කරන්න, දවසක එයා මෙතෙන්ට ආවම එයාට මෙතන හොඳට හුරුවෙයි.”

වීඩියෝව පහතින්..