FAST NEWS

24×7 Around the Globe

සංක්‍රමණිකයින්ට ඉතාලියත් තහනම් වන ලකුණු..

මුහුදු මාර්ගයෙන් තම රටට පැමිණෙන සංක්‍රමණිකයන් භාර ගැනීම ඉදිරියේදී නවතා දැමීමට ඉතාලිය සූදානම් වන බව වාර්තා වේ.

මේ වසරේ ගත වූ කාලය තුළ සංක්‍රමණිකයන් 73,000 ක් ඉතාලියට පැමිණ ඇති අතර, එය පසුගිය වසරට වඩා සියයට 14ක වැඩිවීමක් වී ඇති බව සදහන්ය.

ඉතාලි අග්‍රාමාත්‍ය පව්ලො ජේන්ටිලොනි ප්‍රකාශ කර ඇත්තේ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනෙකුත් යුරෝපා රටවල් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම තම රටට ගැටලුවක් වී ඇති බවයි.