එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සදහා නම් කල ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් අනුමැතිය ලබා දුන්නද ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සතුටුදායක නැති බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඉදිරියේදී ශාරීරික යෝග්‍යතාවය හොද මට්ටමට ගෙන එන බවට කණ්ඩායමේ ක්‍රීඩකයින් ලබා දුන් පොරොන්දුව මත අනුමැතිය දුන් බවත් තවත් මාස තුනකින් යලි යෝග්‍යතා පරීක්ෂණයක් සිදු කරන බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.









