FAST NEWS

24×7 Around the Globe

මංගල සිංහල බෞද්ධයෙක්ද..!

“මෙවැනි අත්තනෝමතික කතා කියන පුද්ගලයන් ඇමැති තනතුරුවලට සුදුසු නැහැ. මංගල සමරවීර මහතා වහාම ඔහු දරන ඇමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි.”

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙසේ පැවැසුවේ ජනසෙත පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පෝයදාට තැබෑරුම් විවෘත කර තැබිය යුතු බවට පිළිකුල් සහගත ප්‍රකාශයක් කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිංහල බෞද්ධයෙක් දැයි උන්වහනසේ එහිදී ප්‍රශ්න කර සිටියේය.

මල්වතු අස්ගිරි මහ නායක හිමිපාණන් වහන්සේ හමුවී ආශීර්වාද ලබාගෙන පිටතට පැමිණ සන්සුන් මනසකින් ජනතාවට යමක් කියනවා වෙනුවට මෙවැනි ප්‍රකාශයක් කිරීම ජුගුප්සාජනක බවත් රට, ජාතියට, ආගමට හානි නොවන අන්දමට කතා කරන්න එතුමාගේ මවුපියන්ගෙන්වත් උපදෙස් ලැබී නැද්දැයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රශ්න කරන ලදි.