FAST NEWS

24×7 Around the Globe

සමූහ දූෂණය වූ යාපනයෙ විද්‍යාගේ නිල් වීඩියෝ කතාවකුත් එළියට..

මින් වසර දෙකකට ඉහත 2015 යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය එකල විශාල ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.

එවකට ඒ පිළිබද පළවූ වාර්තා වලින් කියැවුනේ මියගිය විද්‍යාගේ මව සමග කථාබහක් නිසා අමනාපවූ ඥාතියෙකු තවත් පිරිසක් යොදවා දියණිය සමූහ දූෂණයට ලක්කර පලිගැනීමක් සිදු කළ කථාවකි.

නමුත් ඒ පිළිබඳ පරීක්ෂණ කරමින් සිදු කෙරෙන නඩු විභාගයේදී මෙම සමූහ දූෂණය හා ඝාතනය සිදු කර ඇත්තේ ජාත්‍යන්තර මට්ටමින් සිදුවන නිල් වීඩියෝ නිර්මාණයක් සඳහා බවට අධිකරණයේදී ඊයේ(28) කරුණු හෙළි කර තිබුණි.

එම වීඩියෝ කොටස් ස්විට්සර්ලන්තයේ අලෙවි කර ඇති බවට සොයාගෙන ඇති බව වාර්තා වේ.

අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් ගැන කරුනු අනාවරණය වූ බවත් දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනය කර ඒවායේ දර්ශන පටිගත කර අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවත් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ(28) මේ ගැන හෙළි කළේය.

මෙම අපරාධය සිදු කරන ලද පිරිස් අල්ලාගත් පසු ඔවුන් නිදහස් කරගැනීමට ජාත්‍යන්තර මුදල් අතයටින් හුවමාරුවූයේ කෙසේද යන්න සොයා බැලීමේදී මේ කරුණු වඩාත් තහවුරුවී ඇත.

අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක් ලබාදී විමර්ශන යට ගැසීමේ වෑයමක් තිබුණු බවත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ(28) ප්‍රකාශ කර තිබේ.