FAST NEWS

24×7 Around the Globe

අනාගතයේදී පක්ෂය භාර දෙන්නේ කාටද කියන එක ජනපතිතුමා තීරණය කරලා ඉවරයි..

” මේ වන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ දෙවැනි සහ තුන්වැනි පෙළ හදලා තිබෙනවා. ජනාධිපතිතුමා, දෙවැනි පෙළ නායකයන් වශයෙන් අපට වගකීම් පවරා තිබෙනවා. ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා තමන්ගේ පවුලේ කාටවත්ම දේශපාලනයට එන්න දෙන්නේ නැහැ කියලා. අනාගතයේදී මේ පක්ෂය භාර දෙන්නේ කාටද කියන එක ජනාධිපතිතුමා මේ වනවිටත් තීරණය කර හමාරයි.”

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසේ ප්‍රකාශ කළේ, පසුගියදා අඟුණකොළපැලැස්ස නගරයේදී පැවැති උත්සවයකට සහභාගිවෙමිනි.

“2020දී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ පළමු වෙඩි මුරය ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පටන් ගන්නවා ” යනුවෙන්ද ඔහු සදහන් කලේය.