කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසළදී තරුණියකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලා ගිය පුද්ගලයෙකු පොලිසිය හා මගීන් එක්ව අල්ලා ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ සැකකරු හමුදා සෙබළෙකු වන බවයි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය ඊයේ(27) පෙරවරුවේ රැකියා ස්ථානය බලා කොළඹට පැමිණි බස් රථයේ ඇය ගමන්ගත් අසුනේම සැකකරුද පැමිණ තිබේ.
කොලඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පලේදී තරුණිය තවත් බස් රථයකට ගොඩවීමට යන අවස්ථාවේ සැකකරු බස් රථ අතරින් ඇය ඉදිරියට පැමිණ රන් මාලය කොල්ල කා පලා ගොස් තිබුනි.
පසුව තරුණියගේ කෑ ගැසීම ඇසීමත් සමග පිරිසක් එම පුද්ගලයා පසු පස දිවගොස් ඇති අතර පොලිසියේ සහායද ඇතිව සැකකරු හසුකර ගැනීමට හැකිව තිබේ.









