ෆේස්බුක් මගින් හඳුනා ගන්නා පුද්ගලයන් රවටා මුදල් වංචා කිරිමේ සිද්ධීන්වලට සම්බන්ධ විදේශිකයන් 25කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ නයිජීරියානු සහ උගන්ඩා ජාතිකයන් මොවුන් අතර වන බවයි.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන් ෆේස්බුක් ඔස්සේ හඳුනා ගන්නා පුද්ගලයන් රවටා ඔවුන්ගේ ජංගම දුරකථනවලට ත්‍යාග ලබාදෙන බවට කෙටි පණිවුඩ යවා ඇති බවයි.
පොලීසිය ප්‍රකාශ කළේ පසුව එම ත්‍යාග ලබා දීමට තැපැල්, රේගු සහ රක්ෂණ ගාස්තු ලෙස මුදල් ලබාගෙන ඇති බවයි.
දැනට මෙම සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි 15ක් ඉදිරිපත්ව තිබේ.









