FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට එරෙහිව පැමිණිල්ලක්..

මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී ඇති බව වාර්තා වන අතර පසුගිය දිනෙක පාර්ලිමේන්තු මංගල සැසිවාරයට සහභාගි වන අතරතුරදී ආරක්ෂිත බඳ පටි නොපැළඳවීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ලන්ඩන් වැසියෙකු විසින් ඇයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් ආරක්ෂිත බඳ පටි නොපැළඳ සිදීම ඔහු දුටු බවත් ඒ අනුව 999 දරණ දුරකතන අංකය අමතා මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවත්ය.

ඒ හේතුවෙන් එළිසබෙත් මහ රැජිනට බටහිර යෝක්ෂයර් පොලිසිය වෙත වාර්තා කිරීමට ද සිදුව තිබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් එරට මාධ්‍ය පවසන්නේ බි‍්‍රතාන්‍යයේ සිවිල් නීතියට අනුව මහ රැජිනට එරෙහිව කිසිදු නීතියක් ක‍්‍රියාත්මක කළ නොහැකි වීම නිසා එළිසබෙත් මහ රැජින අතින් සිදුවූ මෙම වරදට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි බවයි.

එහෙත්  බි‍්‍රතාන්‍ය පොලිසිය පවසන්නේ බි‍්‍රතාන්‍යයේ සාමාන්‍ය පුරවැසියෙකු අතින් මෙම වරද සිදුවූයේ නම් බි‍්‍රතාන්‍ය පවුම් 500 ක දඩයක් ගෙවීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය මහ රැජින අතින් සිදුවූ මෙම වරදට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඇය පොලිසිය වෙත වාර්තා කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණි.