FAST NEWS

24×7 Around the Globe

පොඩි අවවාදයකට ජීවිතය අහිමි කරගත් පාසල් ශිෂ්‍යාව..

17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වස පානය කර සියදිවි හානි කර ගැනීමේ පුවතක් වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තා වන අතර වැලිමඩ, අඹගස්දෝව, කරගහඋල්පත ප්‍රදේශයේ විසු අදාල පාසල් ශිෂ්‍යාව තම පියා විසින් සිදුකළ අවවදයකට උරණවී වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා විය.

පසුගිය 23 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර තම සොහොයුරාගේ පොත් පත් අවුස්සා තිබීම සම්බන්ධයෙන් ඇයගේ පියා විසින් ඒ සම්බන්ධයෙන් අවවාදකර තිබේ.

පසුව අදාල ශිෂ්‍යාව තේ කෝප්පයක් සාදාගන්නා මුවාවෙන් කෝප්පයකට නිවසේ තිබු වස වර්ගයක් දමාගෙන පානය කර ඇති බව සදහන්ය.

බදුල්ල රෝහලේ සිදුකළ මරණ පශ්චාත් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ වස වර්ගයක් ශරීර ගතවී මරණය සිදුව ඇති බවයි.