අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ඉමාඩ් වසීම් සමත්ව තිබේ.
එ අනුව ඉමාඩ් වසීම් ප්‍රසාද ලකුණු 780 ලබා මෙහි පෙරමුණට පැමීණ ඇත.
මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහීර් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා පසුබැස ඇත.
ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය හිමිව ඉන්දියාවේ ජස්ප්‍රිට් මුම්රා දිනා ගැනීමට සමත්ව ඇත.
පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුලත්ව නොමැති මුත් ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් කුලසේකර පළමු විසි දෙනා අතර රැඳි සිටිමට සමත්ව තිබේ.
(DE සිල්වා)








