FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට මහේල සූදානමින්..!

මේ වන විට හිස්ව ඇති ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අයැඳුම් කිරීමට සූදානම් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

අනිල් කුම්බ්ලේ ඉන්දීය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග එහි පුහුණුකරු ධුරය හිස්ව තිබේ.

නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල එම කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දක්වාද රැගෙන ගියේය.

එසේම මහේල එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.

මේ වන විට මහේල එංගලන්ත පළමු පෙළ සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රීඩා කරන අතර ඔහු ලැන්කෂර් කණ්ඩායම නියෝජනය කරයි.

මහේලට අමතරව ටොම් මූඩි, රිචර්ඩ් පේබස්ද ඉන්දීය පුහුණුකරු ධුරය පිළිබඳව අවධානය යොමුකර තිබේ.

(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)