හැත්තෑ දෙහැවිරිදි නැන්දම්මා දුෂණය කළ බව කියන බෑණා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසන ලදි.
25 හැවිරිදි අදාළ තරුණයා අලුයම් කාලයේ නිදා සිටි නැන්දම්මා මෙලෙස දුෂණය කර ඇති බව වාර්තා වේ.
පසුව ඇයට අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝහල් ගතකර ඇති බවත් ඒ අවස්ථාවේදී ඇයව දුෂණය කර ඇති බවට හෙළිවී ඇති බවත් සඳහන්ය.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙදරු පියෙකු බවයි.









