FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සැඟවුණ අරමුණ හිටපු ජනපතිගෙන්..

ආණ්ඩුවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සැඟවුණ අරමුණ, තමන් සහ තමන්ට පක්ෂ පිරිස් විදෙස් අධිකරණ හමුවට කැදවීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.

ඔහු මේ බව පවසා සිටියේ කුරුණෑගල – ගොකරැල්ල ප්‍රදේශයේ උත්තුංගාරාම විහාරස්ථානයේ ඊයේ(25) පස්වරුවේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනි.