FAST NEWS

24×7 Around the Globe

ෆෝඩ්ගේ ඉල්ලා අස්වීම ගැන මයියා සංගා කට අරියි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ අතර ඔහුව අහිමිවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිරිමැසිය නොහැකි පාඩුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සඳහන් කරයි.

සංගා මෙන්ම මහේල ෆෝඩ්ගේ ගුරුහරුකම් ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. ඒ මීට ඉහතදී ෆෝඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන කාලසීමාවේදීය.

සිය ට්විටර් ගිණුම් හරහා අදහස් දක්වමින් මහේල පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ෆෝඩ්ව අහිමිකර ගැනීම ලැජ්ජාවට කරුණක් බවයි.

සංගා පවසන්නේ මේ වන විට ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවය කිරීමට තවත් පුහුණුකරුවෙක් මේ වන විට නොමැති බවයි.