FAST NEWS

24×7 Around the Globe

ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වී පැමිණීමෙන් පසුව නිවාඩු ලබා යන අවස්ථාවේදී ෆෝඩ් මහතා නැවතත් සිය රට ගියේ තමාගේ සියලු බඩුබාහිරාදිය අසුරාගෙන බවද හෙතෙම පැවසීය.

(DE සිල්වා)