FAST NEWS

24×7 Around the Globe

අමානුෂිකව පහර කෑ තරුණියගේ මරණෙට අයෙක් ගැන මතුව ආ සැකය.. (ඡායාරූප)

කොට්ටාව ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී ඝාතනය වූ තරුණියකගේ මළ සිරුරක් හමුව ඇති බව පොලිසිය ඊයේ(22) වාර්තා කළ අතර තරිඳි ආලෝකා නමැති 29 හැවිරිදි තරුණියක මෙලෙස ඝාතනය කර ඇති බව පැවසේ.

ඇගේ සිරුර පුරා උල් ආයුධයකින් පහර කෑ සළකුණු ඇති බව පොලිස් වාර්තාවේ දැක්වෙන අතර ඇය පවුලේ අය සමග වාසය කරන නිවසේ ඇගේ නිදන කාමරයේ ඇඳ මත මෙලෙස  ඝාතනය කර තිබූ බව සදහන්ය.

පාසල් ගොස් ඊයේ(22) සවස පැමිණි ඇගේ සොයුරිය අක්කා සොයාගෙන කාමරයට ආ අවස්ථාවේ මෙම අනපේක්සිත ඝාතනය දැක තිබුණි.

දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනාවක් මත මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ඇය පසුගිය දිනවල ඇසුරක් පවත්වා තිබුණ නමුත් ඇය එම තරුණයාට අකමැත්තක් තිබුණ බවත් පරීක්ෂණයේදී සාක්ෂි ලැබිණි.

ඊයේ(22) දහවල් කාලයේ එම තරුණයා ඇය බලන්නට නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුව ඇති නිසා සිද්ධිය සම්බන්ධයෙන් එකී තරුණයා කෙරෙහි සැකයක් මතුව ඇතැයි වාර්තාවේ.

හෝමාගම සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර නිරූපිකාවක ලෙස ඡායාරූප වලට පෙනී සිට ඇති තරින්දි පසුගියදා මනමාලියක ලෙස සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලය වෙත එක්කර තිබුණි.

එම ඡායාරූප පහතින්..