FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා තවත් අප්‍රිකානුවෙක්..!

සිය මව් රට බලා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අවිනිශ්චිතාවයක් ඇති වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අප්‍රිකානු ජාතික නික් පොතාස් පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

එසේම මෙම තරගාවලිය සඳහා පිතිකරණ පුහුණුව සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්දන සහ වේගපන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක පත්කිරීමටද සුදානමක් ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)